කුඩා ජල විදුලි බලාගාර ජනතාවගේ ජල අයිතිය මෙන්ම ස්නානය සහ වෙනත් අවශ්‍යතා දිය පාර යොදාගැනීමේ අයිතියද උදුරාගනියි. අවසානයේ ජීවිත හානි පවා සිදුකරමින් වගකීම් විරහිත ලෙස හිතුමතේ ක්‍රියාකරයි. මන්ද යත් මේ සියලු බලාගාර වාර්ෂිකව මිලියන සිය ගණන් අදායම් ලබන නිසාත් ඒවායින් කොටසක් දේශපාලකයින්ගේ සාක්කුවට යන නිසාත්ය. අප සැවොම දන්නා පරිදි සහ මේ ජනතාව නැවත ප්‍රකාශ කරන ලෙසින්ම මේ විනාශකාරී කුඩා ජල විදුලි බලාගාර පිටුපස සිටින්නේ දේශපාලකයින් හා ඔවුන්ගේ නෑහිතවතුන්ය.
කෑගල්ල මොරොන්තොට පිහිටි පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරයකට ජලය ලබාගන්නා ගුරුගොඩ ඔයේ අතිරික්ත ජලය පෙර දැනුම්දීමකින් තොරව නිකුත් කිරීම හේතුවෙන් එහි පහත ප්‍රදේශයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. ඔහුත් සමග දිය නාමින් සිටි තවත් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු අත්තක එල්ලී දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරුව ප්‍රදේශවාසින් එහි සේවය යෙදී සිටි පුද්ගලයින්ට පහර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් හිරු ප්‍රවෘත්ති අංශයට කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.