හල්දමුල්ල, මිරියබැද්ද නායයෑමට මෙම මස 2015.10.29 වන දිනට වසරක් ගතවේ.මළ මිනිසුන් ගැන දැන් ගාණක් නැත. ඉතිර වූවන් මැරුණාසේ සලකා තවමත් අනාථ කඳවුරු වල දමා ඇත. නිවාස 75ක් ලබාදිය යුතුව තිබුණද නිවාස 50කට අරමුදල් වෙන් කිරීමට මේවනවිට පියවර ගෙන තිබේ.
එමෙන්ම මිරියබැද්ද නායයෑමට සෘජුව වගකිව යුතු උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට රජය මේවන විට තීරණය කර ඇත.
මිරියබැද්දේ ජනතාව වළ දමා වසරක් යන්නට මත්තේන් බණ්ඩාරවෙළල උඩ පේරුවල පහළ පෙරුවලමැද පේරුවල අමිපිටියල පල්ලේපේරුව ලකරගහවෙල ලබොරලන්දල රජ කොටුවල පුහුල්පොල ල දික්පිටියල ඉහළකොටවර ලපහළ කොටවර, මඩුවෙ, ගෙදර, අඔ දණ්ඩා ගම, අභයපුර, කන්දේකැටිය ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ලිං සිදී ගොස්ය. දැනට මෙම ප‍්‍රදේශ වලට වතුර ලීටර් 180,000 දිනකට සපයනු ලබන්නේ උමා ඔය ව්‍යාපෘතිය කරගන යනු ලබන ආයතන විසිනි. මෙම ප‍්‍රදේශ වලද ගෙවල් කඩා වැටි විනාශ වී ගොස්ය. පොළව අඩි ගණන් පැලී ගිලා බැස ඇත. මිරියබැද්දට සිදුවූ දේ නොබෝ කලකින් අප ප‍්‍රර්ථනා නොකළත් මෙම ප‍්‍රදේශ වල සිදු වීමට නියමිතය. කුමක් සිදුවුවත් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට රජය කටයුතු කරමින් සිටී.
එමෙන්ම පසුගිය කාලය තුළ හල්දමුල්ල මිරියබැද්ද නායයෑම සම්බන්ධ විවිධ මත පළවෙමින් තිබිණි. විශේෂයෙන්ම මෙම නායයෑම ඇතැම් විශ්වවිද්‍යාල ආචාරවරු හා පරිසර සංවිධාන හා අනෙක් සියලූ ආයතනයන් මෙය තවත් ලෙසකින් මධ්‍යම කදුකර ප‍්‍රදේශයේ එළවළු වගා කිරීම නිසා සිදුවූවක් යැයි ඔප්පුකරන්නට උත්සහ දැරීය.
1905න් පසු විදේශිකයන් විසින් මෙරට තේ, කෝපි, රබර් වගාවන් වෙනුවෙන් විශාල වශයෙන් මධ්‍යම කඳුකරය එළිපෙහෙලි කළ අතර ඉතුරු වු වනාන්තර ස්වල්පය ද සංවර්ධනයට යැයි කියා මෙරට පාලකයන් විසින් එළිපෙහෙලි කරන ලදී. එහි දරුණු ප‍්‍රතිඵල වූයේ මධ්‍යම කඳුකරයේ නායයෑම් වඩා තියුණු වීමයි.
මධ්‍යම කඳුකරයට කරන විනාශය එයින්ද නතර නොකොට 1948න් පසු මධ්‍යම කඳුකරයේ ජල මූලාශ‍්‍ර පදනම් කරගනිමින් විශාල ජලාශ ඉදිකරන්නට විය. එහි ප‍්‍රතිඵලය වුයේ ජල ගබඩාවක් වන මධ්‍යම කඳුකරයේ භූගත ජල මට්ටම දරාගත නොහැකි ලෙස ජලාශ අවට ඉහළයාමත් පස හා ජලය නිසා දියාරු පසක් නිර්මාණය වීමත් ය.
එලෙස නිර්මාණය වු මතුපිට පස් පසුගිය දශක කිහිපය ඇතුළත සුළු වශයෙන් නායයාම ආරම්භ වු අතර සංවර්ධන යැයි කියා මධ්‍යම කඳුකරය විනාශ කිරීම දැවැන්ත ලෙස මෙම නායයෑම වලට හේතුවිය.
මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන් විසින් ග‍්‍රල් ඇන්ඩ් බලාස්ට් ක‍්‍රමවේදය හා ග‍්‍රිරිලින් ක‍්‍රමවේදය යොදාගෙන ඇත. කුමන ක‍්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවේ. මෙලෙස කඳුවල සිදුවන දෙදරීම් නායයෑම් වලට මූලික හේතුවක් වන අතර ලෙව පුරා එවන් අත්දැකීමි විශාල වශයේන් ඇත.
19 වන සියවසර මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප‍්‍රංශයේ නැගෙනහිර ප‍්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450ට වැඩි ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියේ ය.
20 වන සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ‍්‍ර ඉදිකිරීම නිසා නායයෑමෙන් 2500ට වැඩි පිරිසක් මිය ගියේය. එසේම පැනමා ඇළ කැනීමේදී ඒ අවට කදුපන්ති හැටහය වතාවක් නායගොස් ඇති අතර පරිසර පද්ධතිය තුළින් උමං මාර්ග හෑරීමේ දී හා ජලාශ ඉදිකිරීමේ දී ලොවපුරා මෙලෙස විශාල වශයෙන් නායයෑම් සිදු වී ඇත.
උමා ඔය ව්‍යාපෘතිය ආරම්භයේ දී මෙම ප‍්‍රදේශ නායයෑමේ අවධානමක් ඇති බව මෙරට විද්වතුන්, පරිසර සංවිධාන අවධානයට යොමු කර තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා මධ්‍යම කඳුකරය විනාශ කරන ලදී.
කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමග කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප‍්‍රදේශ විශාල වශයෙන් නායයෑම ආරම්භ විය. එහි තවත් එක් ප‍්‍රතිඵලයක් වන්නේ මිරියබැද්ද නායයෑමයි.
නමුත් මේ නායයෑමේ සිද්ධිය හා ඉදිරියේ දී සිදුවන සියලූ විපත් ස්භාදහමේ වරදින් හෝ මිනිසුන්ගේ වරදින් පමණක් සිදු වූයේ යැයි කියා පාලකයන් ඇග බේරාගෙන තවත් තවත් වඩා හොදින් පරිසරය විනාශ කර මධ්‍යම කඳුකරය දැවැන්ත ලෙස හානිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදුකරමින් ඇත.
උමා ඔය ව්‍යාපෘතියෙන් නතර නොවී 2032 වන විට නිමකිරිම සඳහා මධ්‍යම කදුකරය හා ඒ අවට ප‍්‍රදේශවල කුඩා විදුලි බලාගාර 108ක් ඉදිකරමින් සිටී. එමෙන්න හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ කාමර 2000ක හෝටලයක් සහ ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම වෙනුවෙන් මාර්ග ඉදිකරමින් සිටී.
එහෙත් මහපොළොව විනාශ කිරීමේ ප‍්‍රතිඵල මිරියබැද්ද මිනිසුන්ට පමණක් නොව ඉදිරි වසර කිහිපය තුළ මධ්‍යම කඳුකරයේ මෙම අමිහිරි සිදුවීම. තව තවත් ප‍්‍රදේශවලට දැනෙනු ඇත. එවිටත් මෙම පාලකයන් සියලූ වැරදි මිනී ගණන රටට කීමෙන් සිය වීලී වසාගැනීමටත් වරද ස්වභාදහමට පැටවීමටත් උත්සාහ දරනු ඇත.
රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය